මේ දිනවල තිරගතවන චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟදක්වන සිනමා නිළි පූජා උමංශංකර් කෙරෙහි සමාජ ජාල අවධානය දිනාගැනීමේ අටියෙන් යයි සැක කළ හැකි ආකාරයට ඇගේ ෆේස් බුක් ගිණුම ඇය මිය ගිය අයෙකු ලෙස වෙනස් කර තාවකාලිකව වෙනස්කමක් සිදු කර තිබුණි.(මේ වනවිට එය සකසා ඇත)
මේ නිසා ඇගේ නම ආසන්නයෙන් ‘remembering‘ ලෙස ටික

වේලාවකට දිස්වූ අතර ඇයට විපතක් සිදුවූවාදැයි අසමින් දිගටම දුරකථන ඇමතුම් ලැබුණ බවත් ඇය මෙි නිසා කලබල වූ බවත් ඇය විසින්ම පසුව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.

මේ අතර ඇය කියා සිටින්නේ ඇගේ හිතවතුවන් මෙය විහිළුවට කර ඇති දෙයක් බවයි.

සාමාන්‍යයෙන් ෆේස් බුක් ගිණුමක් හිමි අයෙකු මියයාමකදී එම ගිණුම සමග නම්කරන  විශ්වාසවන්තයෙකුගේ දැනුම්දීමක් මත ‘remembering‘ තත්වයට පත් කළ හැකිය.

ප්‍රසිද්ධ නළු නිළියන් රඟන බොලිවුඩ් චිත්‍රපට පිට කරන කාලයන්හිදීද මාධ්‍ය අවධානය පිණිස එහි රඟපාන අයට විවිධ අකරතැබ්බ නිර්මාණාත්මකව සිදුකරන අතර පසුව ඔවුන් ගැන මාධ්‍ය තුළ කථාකරන්නට වීම චිත්‍රපටයේ නැරඹුම් හා අනුලෝමව ඉහළ යන බව අලෙවිකරන සමීක්ෂණ වලින් පෙන්වාදී ඇත.