දරුවෙක් ලැබුණ නිසා 18 දී විවාහ වුණ එක ගැන සතුටුයි
සැමියා ඉන්නෙ රට - මං දැන් පෙම්වතියක්
- පියුමි හංසමාලි

මේ කාලයේ සමාජ ජාල චරිතයක් බවට පත්ව තිබෙන පියුමි හංසමාලි පිරිමි දරුවෙකු සිටින අම්මා කෙනෙකි. පසුගියදා ඇය සිය 24 වන උපන්දිනයද පිරිමින් රොත්තක් වටකරගෙන සැමරූ අතර මුදල් වියදම් කර රටරටවල් වල රූපරැජිණි තරග වලට යමින් ඇය කොයිදේ තුළිනුත් කැපී පෙනෙන්නට උත්සාහ කරන විසේකාරියක බව කරන කියන කොයිදේ තුළිනුත් කාටත් අවබෝධ වේ.
තමා අඩු වයසින් විවාහ වූ බව
ඇය විසින් කියන නමුත් මෙතරම් කතා පැතිරෙද්දී ඇගේ සැමියා ගැන හෙළිදරව් කිරීමෙන් ප්‍රවේශම් වන්නට හැමවිටම උත්සාහ කරන්නීය.
කෙසේ වෙතත් ඇයගෙන් සතිඅන්ත පුවත්පතක් කළ ප්‍රශ්න විමසීමකදී ඇගේ අත්හැර ගිය සැමියා ගැන හා වත්මන් පෙම ගැන වැරදීමකින් මෙන් කරුණු හෙළිදරව් කර තිබේ.
එහිදී අසන ප්‍රශ්න කිහිපයකට ඇය ලබාදී තිබූ පිළිතුරු මෙසේය.

ජීවත් වෙන්න නිරූපණ ශිල්පය පමණක් ප්‍රමාණවත්ද?

නෑ.. ඒ නිසානේ විකල්ප දේවල් කරන්න වෙන්නෙ.

පියුමි රඟපාන්නත් වැඩි කැමැත්තක් නැත්නම් ජීවත්වෙන්න නිරූපණ වෘත්තියට අමතරව තව කරන විකල්ප දේවල් මොනවද?
මට එහෙම කරන්න අවශ්‍ය නෑ. මොකද මගේ සැමියා විදෙස් ගතවනේ ඉන්නේ.

පියුමි දීග ගියේ 18දී දුක් වෙනවද ඒ ගැන?
දුකක් නෑ ළමයෙක් ඉන්න නිසා


පියුමි දික්කසාදයි කියන්නෙ ඇත්තද?
ඒක මගේ පුද්ගලික දෙයක් ඒක මාධ්‍යයට කියන්න කැමති නෑ.

දෙමවිපියන්ගෙ වැරදි නිසා දුක් විඳින්නෙ දරුවො නේද?
එහෙම වෙන්න පුළුවන්.ඒත් ප්‍රශ්න මැද්දෙ හරි ළමයින්ව බලාහදාගන්නෙ වෙන කවුරුවත් නෙමේ දෙමව්පියන්ම තමයි.

අදරය කරන්න පුළුවන් එක හිතකට විතරද?
එහෙම දෙයක් නෑ.

මේ වෙනකොට කී දෙනෙක්ට විතර ආදරය කරල තියද?
තුන් දෙනෙක්ට විතර

ඒ කියන්නෙ පියුමිගෙ හිතත් හෙල්ලෙනවා?
ඔව්...

දැනටත් පෙම්වතියක් නේද?
ආදරයක් විඳිනවා....

(සාකච්ඡා සටහන - හිමේෂා සවන්ති රාජපක්ෂ)