විමල් කුමාර ද කොස්තා සමුගනී

ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා අද(20) කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත විය. කලක සිට අසනීප තත්වයෙන් පසුවූ ඔහු මියයනවිට 68 වන වියේ පසුවිය.
1948 දී කැලණියේ උපන් ඔහු  කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි සිසුවෙක්ද වූ අතර
අභිරූපණ රංග කලාවේද

විශිෂ්ටයෙක් විය.සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ විවිධ චරිත වලට දායකවූ නළුවෙකි. බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, සරුංගලේ, එක්ටැම් ගේ, අහස් ගව්ව, සාගරිකා, මරුවා සමග වාසේ, ජීවිතයෙන් ජීවිතයක්, සතර දිගන්තය, උමයංගනා වැනි සිනමා නිර්මාණ වලට ඔහු සම්බන්ධ විය.

හිතහොඳ අම්මණ්ඩි, නැට්ටුක්කාරී, කොරා සහ අන්ධයා, මළකෝළං, දුන්න දුනුගමුවේ වැනි වේදිකා නාට්‍ය හා හංස දඩයම, ගිගිරි වළලු, විසුල අහස යට, ආටක නාටක වැනි ටෙලිනාට්‍ය රැසකද රඟපෑවේය.