පාර්ලිමේන්තුවේ විමල්ගේ නම අඬගහද්දී
‘ව්‍යා...ඝ්‍රා...... ව්‍යා...ඝ්‍රා‘ උසුළු විසුළු පැතිරේ

පෙරේදා 18 පාර්ලිමේන්තු සභා රැස්වීමේ අය වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පවත්වන අවස්ථාවේදී එක් එක් අයගේ නම අඩගහද්දී පක්ෂයි විරුද්ධයි ලෙස දක්වමින් සිය ඡන්දය සුපුරුදු ලෙස පළ කළ අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නම කියවීමත් සමගම පාර්ලිමේන්තුවේ තැනින් තැනින්
ඝෝෂා ඇතිවුණා. ඇතැමුන් මහ හඬින් ‘ව්‍යා...ඝ්‍රා...... ව්‍යා...ඝ්‍රා‘ යයි කෑගසමින් උසුළු විසුළු කිරීමට පටන් ගත්තා.


මෙම අවස්ථාවේ මන්ත්‍රීවරයා දැඩි අපහසුතාවයට පත්වූ බවද වාර්තාවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව අඛණ්ඩව පැවතීම නිසා ඊළඟ නම අඩගැසීමද එක්වරම අපහසුවූ අතර ඊට පසු කුමාර වෙල්ගමගේ නම ඔහුට ඇසුනේ නැති බවද කියා සිටියේය.

මෙම අවස්ථාවේ වීඩියෝව පහතින්