ලෙඩා අමතකර කර පොල් ලෙලි ගහන්න ගිය
ඇම්බියුලන්ස් ඩ‍්‍රයිවර්ට
ෆේස් බුක් වීඩියෝවෙන් පසු පරීක්ෂණයක්



පසුගිය දිනෙක ඇඹිලිපිටිය දිසා රෝහලේ සිට රත්නපුර මහ රෝහලට හදිසි රෝගියෙකු රැගෙන යමින් සිටි ගිලන් රථයක් ගොඩකවෙල ප‍්‍රදේශයේ පොල් කඩයක් අසළ නවතා රියදුරා  සිය රාජකාරිය අමතක කර පොල් ලෙලි ගසමින් පුද්ගලික වැඩක් කරමින් සිටි සිද්ධිය
ක් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භවී තිබේ.


මේ සම්බන්ධ තොරතුරු වාර්තා කර තිබුනේ අදාළ රෝගියා අසළ ගිලන් රථයේ රැඳී සිටි ඔහුගේ පුත‍්‍රයා ජංගම දුරකථනයෙන් ලබාගත් වීඩියෝවකිනි. ඔහු පටිගත කළ දර්ශන පසුව සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණ අතර එය ලක්ෂ සංඛ්‍යාත පිරිස් නැරීඹීමෙන් පසුව ඒ ගැන සබරගමු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත්වී රියදුරා ගැන සොයා බලා තිබුණි.

රෝගියා රැගෙන යන අවස්ථාවේ ගිලන් රථ රියදුරාට රෝගියා බේරාගත යුතුය යන සිතිවිල්ලක් නොමැති ආකාරය පැහැදිලිව වීඩියෝවේ සටහන් වෙයි. ඔහු වේලාව නාස්ති කරමින් පොල් තෝරා ඒවා ලෙලි ගසන තුරු කඩයේ අය සමග සාකච්ඡා කරමින් සිටින අතර ඔහු සමග ගිය සාත්තු සහයකයාද ඒ දෙස බලා සිටින්නේ මේ දේවල් කවදත් පුරුදු ආකාරයට මෙනි.

පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය කළ සොයා බැලීමේදී රියදුරා ඇඹිලිපිටිය දිසා රෝහලට අනුයුක්තව රාජකාරී කරන රියදුරෙකු බවත් මීට පෙරද මේ සමාන සිද්ධි ගැන යම් යම් අයගේ චෝදනාවන්ට ලක්වූ අයෙකු නමුත් එම සිද්ධි වලදී ප‍්‍රබල සාක්ෂි නැතිව නිරුපද්‍රිතව සිටි අයෙකු බවත් වාර්තාවී තිබුණි.

මෙම වීඩියෝ සාක්ෂිය නිසා මෙවර ඔහුට වැරදී තිබේ. මේ සම්බන්ධයෙන් වහාම විනය ක‍්‍රියාමාර්ග ගෙන තිබෙන සබරගමු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය ඔහුට මාරුවක් ලබාදී පරීක්ෂණයක් අරඹා ඇත. ඉදිරියේදී එහි ප‍්‍රතිඵල මත ඔහුගේ සේවය අත්හිටුවන්නට ඉඩ තිබෙන බවද වාර්තා වේ.
සිද්ධියට මුල්වූ වීඩියෝව පහතින්