ඩිමෙන්ෂියා මානසික රෝගයෙන් පීඩාවිඳින පියෙකු නිවසින් අතුරුදන්වීමෙන් පසු ඔහුගේ දරුවන් හා ඥාතීන් ඔහු සොයා දෙන ලෙස ඡායාරූප සහිතව ඉල්ලීමක් කර තිබේ.
ඒ සම්බන්ධ අපට ලැබුණ විස්තරය පහතින්
‘මෙම සටහන ලියන අපගේ පියා පසුගිය 20 වැනිදා සිට අතුරුදහන්ය. ඔහු සොයා ගැනීමට ඔබගෙන් උපකාර බැගෑපත් ලෙස ඉල්ලමු. ඔහු අවසන්වරට කෝට්ටේ නාගවිහාරය අවට සිටිනු දුටු බවට සාක්ෂි ලැබී තිබේ.
නිල් කලිසමක් සහ කළු සහ සුදු Tshirt එකක් එම


අවස්ථාවේ ඇඳගෙන සිට ඇත. ඔහු ඩිමෙන්ශියාව රෝගියකු වන අතර හමුවන අයෙකුට ඔහු ගැන ආගිය විස්තර ප්‍රකාශ කිරීමට අපහසුතාවයකින් යුතු අයෙකි. වයස අවුරුදු 73 කි.
මේ සම්බන්ධයෙන් පාදුක්ක , හෝමාගම ,හංවැල්ල හා මිරිහාන පොලිස් ස්ථාන මේ වනවිට දැනුවත් කර ඇති නමුත් තවම හෝඩුවාවක් නැත.
මෙය ලියන අපි එම පියාගේ දියණියන් දෙදෙනා වන අතර ඔහු සොයා ගන්නට මහජන සහාය බලාපොරොත්තු වෙමු. තොරතුරක් වෙතොත් 119 අංකයට දන්වන්න නැතහොත් අප අමතන්න (Hirosh 0777 579044)‘

2016-10-23- 12.30 pm UPDATE - කෝට්ටේදී අතුරුදන්වූ පියා හමුවේ මෙතැනින්