ඊයේ රාත‍්‍රී අප වෙබ් අඩවිය මගින් දැනුම් දීමක් සිදු කර තිබුණ ඩිමෙන්ෂියා රෝගී තත්වයකින් අතරමංවූ පියා අද දහවල් වන විට හමුවූ බව එම තැනැත්තාගේ ඥාතීන් අප වෙත දන්වා තිබේ.
මේ සම්බන්ධ විස්තරය පළවූ පසු එම පුද්ගලයා දුටු පුද්ගලයින්
අදාළ දුරකථන අංක අමතා තමන් එවැනි කෙනෙකු දුටු බවට ඥාතීන්ට


විස්තර ලබාදී තිබුණ අතර පසුව ඒ තොරතුරු ඔස්සේ ඔවුන් කෝට්ටේ ප්‍රදේශයේ අතුරු මාර්ග රැසකින් ගොස් නිවසක් අසළ පියා සිටි තැන සොයාගෙන ඇත.
ආගිය තොරතුරු දැක්වීමට අපහසු මානසික තත්වයක පසුවීම නිසා එම තැනැත්තා තමන්ගේ නිවස යයි සැක සිතෙන නිවෙස් ගණනාවකටම ගොස් දොරවල් වලට තට්ටු කරමින් ගොස් තිබූ බවටද තොරතුරු ලැබුණි.

මෙම පුද්ගලයා හමුවීමෙන් පසු අප වෙබ් අඩවියටද ඥාතීන් විසින් විශේෂ ස්තූතියක් පළ කරනු ලැබ ඇත.
මේ වනවිට එම පියාණන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙන බවද වාර්තා වුණි.