වත්තල පැවති අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහභාගි වූ උත්සවයක් නිමාවීමෙන් අනතුරුව බස්නාහිර පළාත් සභා සන්ධාන මන්ත්‍රීවරයෙකු ගමන් ගත් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ
චෝදනාවට  සැකකරුවන් වූ
පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වත්තල පොලීසිය විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට පත් අය අතර කාන්තාවන් 02ක් ද වේ.
අයුතු ජනරාශිය හා වාහනයට අලාභ හානි කිරීමේ චෝදනාව යටතේ මොවුන් වත්තල ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා ගමගේ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ගෙන් 03දෙනෙකු හෙට (30) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියෝග කර තිබේ.
ඉතිරි 03දෙනා ඇප මත නිදහස් කර ඇති අතර ඔවුන් ද හෙට පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.