උසස් පෙළ විභාගය කල්දාගන්න
ජනපතිගේ වෙබ් අඩවිය හැක්කළ
පාසල් සිසුවා හසුවේ


පසුගිය සිකුරාදා ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය (president.gov.lk) හැකි කිරීමට ලක්කරන ලද පුද්ගලයෙකු එයට පිවිසෙන අයට දැකගතහැකි වන්නට තර්ජනාත්මක ඉල්ලීම් කිහිපයක් සටහන් කර තිබුණි. උසස් පෙළ විභාගය ලබන වසරේ අප්‍රේල් මාසයේ පැවැත්වීමට විරෝධය
පෑම ඇතුළු කරුණු කිහිපයක් එහි සටහන්ව තිබී ඇත.
දින දෙකක් ඇතුලත දෙවතාවක් මෙම හැක් කිරීම සිදුවුණ අතර එසේ කිරීට මුල්වී ඇති අයිපී ලිපිනය විමර්ශනය කර අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නට ඊයේ පොලිසිය ක්‍රියා කළ අතර නිලධාරීන් පුදුමයට පත්කරමින් තවමත් පාසලේ උසස් පෙළ හදාරණ කඩුගන්නාව පදිංචි පාසල් සිසුවෙකු මේ සියල්ල පසුපස සිටින බව හෙළී විය. මහනුවර උසස් පිරිමි පාසලක අධ්‍යාපනය හදාරණ ඔහු විනෝදයට මින් පෙර අවස්ථා කිහිපයකත් මෙබඳු හැක් කිරීම් සිදු කර තිබෙන බව පසුව හෙළි විය.
ඔහු ජනපතිවරයාගේ වෙබ් අඩවිය හැක් කිරීමෙහි අරමුණ කවරක්දැයි තවම විමර්ශනය කෙරෙන අතර එය දේශපාලන අරමුණක්ද හුදු විනෝදයට තළ දෙයැක්දැයි හඳුනාගන්නට පරීක්ෂණ සිදුවේ.
අත්අඩංගුවට ගනු ලැබූ ශිෂ්‍යයා වැඩිදුර ප්‍රශ්න කිරීම පිණිස කොළඹට රැගෙන එනු ලබන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා ඇත.
පරිගණක සම්බන්ධ චෝදනා පිළිබඳව කටයුතු කරන නීති විධිවිධාන ප්‍රකාර සැකකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත  අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය ද විමර්ශනයක් ආරම්භ කර තිබිණ.