පියා මව දුව පුතා
නොච්චියාගම ව්‍යාපාරික පවුලක්ම

මහණවී බුදු සසුනට එක්වේ


නොච්චියාගම ප‍්‍රදේශයේ කුඹුරු ඉඩම් සතු කෝටිපති ව්‍යාපාරික මහතෙකු සියලූ වත්කම් හැරදා තම අඹුදරුවන් සමග බුද්ධ ශාසනයට ඇතුළත්වීමේ දුර්ලභ පුවතක් ඊයේ අනුරාධපුර රුවන්වැලි සෑය අසළදී වාර්තා වුණා.
මෙසේ ඊයේ සසුන් ගතවූයේ නොච්චියාගම කොකුන්නෑවේ කේ.ඞී.නිමල් (44) ඔහුගේ බිරිය අශෝකා ගීතානි(40) හා දියණිය ශසිකලා සංජීවනී (15) ය.
ඔවුනගේ නව හැවිරිදි වියේ බාල පුතුද
මින් වසර එකහමාරකට පමණ පෙර

සසුන්ගතව තිබෙන අතර දැනට පුල්මුඬේ ප‍්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක ඒ ළාබාල හිමියන් වාසය කරයි.
මෙම පවුලේ අය තම බාල පුතුගේ සුවදුක් විචාරන්නට වරින්වර ආ ගිය අවස්ථාවේ ඇති කරගත් සැදැහැ සිත් අවසානයේ ඔවුන්ටද මෙම තීරණය ගන්නට හේතුවූ බව කියැවේ.
ගේ දොර ඉඩකඩම් යාන වාහන කිසිවකින් අඩුවක් නොවූ නමුත් ඔවුන් සංසාරයේ දුක ගැන කළකිරී මේ ආකාරයට සසුනට එක්වන්නට තීරණය කර ඇත.

ඔවුන්ගේ පවුලේ තවත් වැඩිමහල් දියණියකද වාසය කරන අතර ඇය මේ වනවිට විවාහකව වෙනම පදිංචිව සිටී. නිමල් මහතා සසුන් ගතවන්නට පෙර මෙකී සියලූ වත්කම් ඇය නමට පවරා ඇත.

ශාසනයට ඇතුළත්වූ ඔවුන් තිදෙනා කොකුන්නෑවේ නිමලරතන හිමි ලෙසත්, කොකුන්නෑවේ ධම්ම අශෝකා සහ කොකුන්නෑවේ දම්මජීවනී දසසිල් මෑණියන් ලෙසත් නම් ලබා ඇත.