පුද්ගලික රෝහල් හා වෛද්‍ය ප‍්‍රතිකාර වලින්
වැට් සහමුලින්ම ඉවතට

පුද්ගලික රෝහල් වලින් මහජනයාගෙන් ගාස්තු අය කරන සියලූ සේවාවලින් වැට් බදු සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයකින්
නැවත මතක් කර තිබේ. පසුගිය මැයි 2 වනදා සිට බලපැවැත්වෙන පරිදි කිසිදු පුද්ගලික රෝහලක් රෝහල් ගාස්තු,වෛද්‍ය ගාස්තු,පරීක්ෂණ ගාස්තු හෝ ඖෂධ නිකුත් කිරීමකදී වැට් ලෙස සියයට 15 හෝ සියයට 11 ක් අය කිරීමට ඉඩක් නැති බවත් වැට් ගාස්තු කිසිවක් පුද්ගලික වෛද්‍ය සේවාවන්ට අදාළ නොවන බවත් දන්වා ඇත.
 ඕ ආකාරයට අයකරන ස්ථාන වෙතොත් පැමිණිලි කිරීමේ අයිතිය මහජනයා සතු බවද ඔවුන් දන්වා සිටී.