නාමල් ඇප මත නිදහස් කිරීම ඉහළින් සමරලා

ඉන්දියානු ක‍්‍රිස් සමාගම සමග කෝටි 7 ක අතයට ගනුදෙනුවක් කළේය යන්න ගැන සැක පිට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් සතියකට පමණ පසු ඊයේ ඇප මත නිදහස් වුණා.
දණ්ඩ නීති සංග‍්‍රහයේ 386, 400 සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ 3 වැනි වගන්තිය යටතේ
චෝදනා සඳහා ඇප ලබාදීමට අධිකරණයට පවතින බලය අනුව ඇප පනතේ


14(1) වගන්තිය ප‍්‍රකාරව මහජන කැලඹීමක් සිදු නොවන බැවින් නාමල් රාජපක්ෂට මුදල් රුපියල් 50,000ක ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහළ අධිකරණය සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළා. සිද්ධියට අදාළ නඩුව ලබන අගෝස්තු මස 08 වැනිදාට යළි කැඳවීමටද නියමිතව ඇත.
එසේ නිදහස ලැබූ නාමල් නඩුවෙන්ම නිදහස් වූ ආකාරයේ සතුටකින් පාක්ෂිකයන් විසින් කැඳවාගෙන ගියේ ප‍්‍රීති ඝෝෂා නගමන් විවෘත වාහනයක නංවාගෙනය.