බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ට සිය තනතුරින් ඉවත්ව යන්නට සිදුවූ පසු තෙරේසා මාරී මේ  නව බි‍්‍රතාන්‍ය අගමැතිනිය ලෙස පත්ව ඩවුනින් වීදියේ නිවසේ පදිංචියට පැමිණ ඇත. ඇය කැමරන් ආණ්ඩුවේ හිටපු දේශීය කටයුතු පිළිබඳ ලේකම්වරිය විය.
කාර්ය බහුල දිවි පෙවෙතකට හුරු වී සිටින බි‍්‍රතාන්‍ය නව අගමැතිනිය කවුරුත් දන්නේ අඩුවෙන් කතා කරන වැඩියෙන් වැඩ කරන කාන්තාවක් හැටියටය.
නව අගමැතිනිය කලෙක පටන් දියවැඩියා රෝගයෙන් පීඩා විඳිමින් සිටින්නියක බවත්
දිනපතා අවස්ථා කිහිපයකදීම ඉන්සියුලින් එන්නත් කරන බවත් බි‍්‍රතාන්‍ය වාර්තා හෙළි කර සිටී.
ඇය විවාහවී සිටින පිලිප් සහ ඇය අතර ආදර අන්දරයද මේ දිනවල බි‍්‍රතාන්‍ය පුවත්පත් විස්තරාත්මකව වාර්තා කර තිබේ. ඔවුනට දරුවන් නැත.
මේ දෙදෙනාම ක‍්‍රිකට් ක‍්‍රීඩාවට බෙහෙවින් කැමති බවත් ඇය ක‍්‍රිකට් උමතුව වැළඳුන කෙනෙකු බවත් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.පසුගිය වසරේ දී එංගලන්තයේ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක ජෙෆ්රි බොයිකෝට් හට නයිට් නාමයක් පිරි නැමීමට සූදානම් වෙද්දී ඇතැමුන් ඊට විරුද්ධත්වය දක්වද්දී තෙරේසා ඊට වෙනස් මතයක් දරමින් ඒ වෙනුවෙන් සංවිධාන කළ විරෝධතා ව්‍යාපාරයකටද එක්වූ බව කියැවේ.


තෙරේසාට සිය සැමියා පිලිප් පළමුවරට මුණගැසී ඇත්තේ ඔක්ස්ෆර්ඞ් සරසවියේදීය. 1976 දී ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ කොන්සර්වේටිව් සංගමය මගින් සංවිධාන කළ ‘ඩිස්කෝ‘ පාටියකදී දෙදෙනා මුල්වරට හමුවි ඇත. පසුකාලීනව ඉතා සාර්ථක යුග දිවියක රස බැලීමේ වාසනාව අත්පත්කරගත් මේ යුවල එදා එකිනෙකාට හඳුන්වා දුන්නේ එකළ ඔවුන්ගේ සමකාලීන ශිෂ්‍යාවක වූ පසුකලෙක පාකිස්තානයේ අගමැති පුටුවේ වාඩි වූ බෙනාසීර් භූතෝ ය. ඇය පිලිප්ගේ සමීපතම මිතුරියකි.
වසර තිස් හයක දීර්ඝ කාලපරිච්ෙඡ්දයේ මේ යුවලට දරුඵල අහිමිවීම ගැන ඇය නොසෑහෙන වේදනාවකින් මාධ්‍ය අමතා කථාකර ඇත.
‘අනිත් පවුල් දිහා බැලූවාම මට නැති දෙයක් තියෙන බව මම නිතරම දකිනවා.ඇත්තටම අපි දෙන්නගේම හිත්වලට ඒක සෑහෙන්න දැනෙනවා. බලන්න...අපේ යාළුවන්ටත් ලොකු මහත්වුණු දරුවො ඉන්නවා. ඒත් සමහර වෙලාවට අපි ප‍්‍රාර්ථනා කරන දේවල් සිද්ධ වෙන්නෙ නෑ.‘ ඇය කියා ඇත.