හිටපු ජනපතිවරයා පසුගිය කාලයේ තායිලන්තයේ උගන්ඩාවේ සහ මේ දිනවල ජපානයේ සංචාරය කරන සෑම වාරයක් පාසාම ඔහුගේ පාලන සමයේ රුසියානු තානාපති ලෙස කටයුතු කළ උදයංග වීරතුංග පසුපසින් හොල්මන් කරන බවට මාධ්‍ය වාර්තා පළව තිබේ.
මිග් අවි ගනුදෙනු චෝදනාව හා නොයෙල් රණවීර මිනීමැරුම් චෝදනාව සම්බන්ධයෙන්
සැකකරුවෙකු වන ඔහු ලංකාවට පැමිනියොත් අත්අඩංගුවට ගන්නා බව

ප‍්‍රසිද්ධව තිබෙන අතරවාරයේ ඔහුට හිටපු ජනපතිවරයා හමුවන්නට විදෙස් රටවලදී හැකියාව ලැබීමත් තවමත් ජාත්‍යන්තර පොලිසියේ කිසිදු බලපෑමක් නැතිව ඔහු නිදැල්ලේ හැසිරීමත් කථාබහට ලක්ව තිබේ.
උදයංග රුසියානු තානාපතිව සිටියදී

රජයෙන් ලබා දී තිබූ රාජතාන්ත‍්‍රික විදෙස් ගමන් පත‍්‍රයද තවමත් අවලංගු කර නැති නිසා ඔහුව අල්ලන්ට බැරිව ගොස් ඇති බව පසුගියදා ඇමති රාජිත මාධ්‍ය හමුවකදී කියා තිබුනි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් - 27 ගුවන් යානා 04ක් මිලදී ගැනීමේදී සිදු වූ බරපතල මුල්‍ය වංචා පිළිබඳව සිදු කෙරෙන විමර්ශන සඳහා ප‍්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා උදයංග වීරතුංගට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට සහය ලබාදෙන ලෙසත් ජුලි මස 15 වන දින කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසත් අධිකරණ නියෝගයක් පවා තිබේ.

මෙම ඡායාරූපයේ මහින්ද ජපානයේ උත්සව අවස්ථාවකට එක්ව සිටියදී පසුපසින් කැමරාවක් අල්ලාගෙන සිටින්නේ හිටපු තානාපති උදයංගය