සෝමවංශ අමරසිංහ අභාවප‍්‍රාප්තවේ

 
ප‍්‍රකට දේශපාලනඥ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අද උදෑසන අභාවප‍්‍රාප්තවී තිබේ.
මියයන විට 73 වන වියේ පසුවූ ඔහු ජනතා විමුක්ති පෙරමුනේ 4 වන නායකයා ලෙස පෙරළිකාර දේශපාලනයක නියැලෙමින් කටයුතු කළේය.
මනුෂ්‍ය සංහාර නිසා අපකීර්තියට පත් ජනතා විමුක්ති පෙරමුණ යළි නගාසිටුවන්නට ඔහු කළ  මෙහෙය දේශපාලන ලෝකයේ අගැයීමට ලක්ව ඇත.
අවසන් කාලයේ එම පක්ෂයෙන් ඉවත්වූ ඔහු පසුගියදා හිටපු ජනපති මුල්වූ ඒකාබද්ධ විපක්ෂයේ මතවාදයට සහාය පළකරමින් කටයුතු කළේය.
ඔහු අද මියගියේ රාජගිරියේ පිහිටි නිවසේ සිටියදීය. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.