රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදින්ගේ ප‍්‍රශ්නයකට පිළිතුරක් දෙමින් කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත හිටපු ජනපති රාජපක්ෂ හොරකම් කිරීම සම්බන්ධ රටේ පවතින කථාබහට අලූත් වාක්‍යයක්
එක්කළා.

මහින්ද රාජපක්ෂ මහතා උගුරු දණ්ඩ කපා ගන්නා බවට පසුගියදා කළ ප‍්‍රකාශය ගැන මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් මහින්ද හොරකම් කළේ යැයි නොකී බවයි.
තමන් කියා සිටියේ රාජපක්ෂවරු හොරකම් කළ බව යයිද පැවසූ අතර එය පැහැදිලි කරමින් හොරකම් කළේ මහින්ද නොව වටේ සිටි අය යනුවෙන්ද පිළිතුරු දුන්නා.