තමාට ප්‍රශ්නයක් යොමු කළ මාධ්‍යවේදියෙකුගේ මයික්‍රොෆෝනයක් ඉතාම අවිනීත ලෙස ඔහුගෙන් උදුරාගෙන ඇලකට විසිකිරීමේ සිදුවීමක් හේතුවෙන් පෘතුගාල පාපන්දු නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන මාධ්‍ය කථාබහක්
මතුව ඇත.

යුරෝ පාපන්දු තරගාවලියට එක්වීමට ප්‍රංශයේ සිටින අවස්ථාවේදී ඔහු මෙසේ මයික්‍රොෆෝනය මාධ්‍ය වේදියාගෙන් උදුරා ඇලට විසිකර ඇත.
තම කණ්ඩායමේ සගයන් හා ගමන් ගන්නා රොනාල්ඩෝගෙන් මාධ්‍ය වේදියා යම් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඔහු දෙසට මයි ක්‍රො ෆෝනය යොමු කරන අතර ඔහු එක්වරම මාධ්‍ය වේදියාගෙන් එය උඳුරාගෙන අසල පිහිටි ඇලට විසිකරනු ලබයි.
අනතුරුව කිසිවක් නොවූ අයුරින් ඔහු සිය කණ්ඩායම් සඟයන් සමග ඇවිදගෙන යයි.
යුරෝ කුසලාන තරගාවලියේදී මේ දක්වා පෘතුගාල කණ්ඩායම එක් තරගයක්වත් ජයග්‍රහණය කර නොමැති අතර රොනාල්ඩෝට මේ දක්වා ගෝලයක් වාර්තා කිරීමට ද නොහැකිව තිබෙයි.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්