දැනට බන්ධනාගාරගතව සිටින ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන වෙලේ සුදා සහ සුසේ යන අයගේ ගෝලයන් බව කියන පුද්ගලයන් තිදෙනෙකු අද උදෑසන පොලිසියට කොටුවුණා. නවීන පන්නයේ වාහන 02 ක ගමන් කරමින් සිටි ඔවුන් සතුව

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 01 ක් සහ මත්කුඩු අලෙවි කර උපයාගත් ලක්ෂ 7 කට අධික මුදලක් ළඟ තිබී හසුවුණා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද දින අලූයම් කාලයේ
මෙම වැටලීම කොළඹ නගරයේදි සිදුකරන ලද බවත් සැකකරුවන් කොළඹ සහ දෙහිවල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය දන්වා සිටී.