ජනපති ලේකම් කාර්යාලයට අයත් වාහන අවභාවිත කිරීමේ චෝදනාවක් නිසා පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ කොළඹ දිස්ත‍්‍රික් සංවිධායක හා මාධ්‍ය ප‍්‍රකාශක ලෙස කටයුතු කරන මොහොමඞ් මුසම්මිල් මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකය මගින්
අද අත්අඩංගුවට ගත්තා.
ඔහුගේ නීතිඥ කපිල ගමගේ දන්වා සිටියේ අදාළ කාරණය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ගැනීම සඳහා මොහොමඞ් මුසම්මිල් මහතා අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමක්ද කර තබුණ බවත් ප‍්‍රකාශයෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවත්ය.