උතුරු ඇමරිකාවේ වැඩෙන බව කියන කහඹිලියා (පොයිසන් අයිවි) පැලෑටි විශේෂය පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිව තිබෙනවා. මෙම කථාබහට මුල්ව ඇත්තේ මෙම පැලෑටිය නිසා මුහුණේ ඉදිමුමක් ඇතිකරගත් තරුණියකගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිර ගිය නිසාය.

මෙම තරුණිය  ආසාධිතයෙකුවී රෝහල්ගතව සිටින අතරවාරයේ ඇගේ සොයුරිය ස්නැප්චැට් සමාජ ජාලයේ පළකළ ඡායාරෑපයක් අමුතු ස්වරූපයක් ගත් නිසා විශාල වශයෙන් ඒ ගැන කථාබහක් ඇතිව තිබුණි.
එම ඡායාරූපයේ ඇගේ මුහුනේ ඇස්වටා අමුතු ලෙස ඉදිමුමක් පෙන්නුම් කෙරිණි.මේ සමග පළවන්නේ එම්ලි පෙටොසා නමැති 21 හැවිරිදි තරුණියගේ එම ඡායාරූපයයි.