ලබන ජූලි මස පළමු වනදා සිට බස්ගාස්තු සියයට 15 කින් ඉහළ දමන ලෙස අදාළ සංගම් රජයට බලකරමින් පසුගිය දිනවල දන්වා සිටියේ එසේ නොකළොත් වර්ජනයකට යන බව දක්වමිනි.
එසේම ගැමුණු විජේරත්නට අයත් සංගමය කියා තිබුනේ ට‍්‍රැෆික් වැඩි පාරවල්වල බස්ගාස්තු තුන් ගුණයක් කරන
ලෙසයි.

ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ජාතික ගමනාගමන කොමිසන් සභා නිලධාරීන් අද බස් සංගම් නියෝජිතයන් සමග මේ ගැන සාකච්ඡා කර අවසන් නිගමනයකට එළැඹි බව වාර්තා වෙනවා. ඒ අනුව ජූලි පළමු වැනිදා සිට බස්ගාස්තු ඉහළ දැමීම මින් ඉහත ඇතිකරගත් වාර්ෂික අලූත්වන කොන්දේසිය යටතේ පමණක් සිදුකරන්නට සංගම් කැමති කරවාගෙන ඇත.

ඒ අනුව ජූලි පළමු වනදා සිට බස් ගාස්තු ඉහළ යාම 3.2%ක ප‍්‍රතිශතයකින් සිදුවනු ඇත. ප‍්‍රවාහන අමාත්‍යාංශයේදී අද (20දා) පැවැති සාකච්ඡාවේදී මේ බව තහවුරු කර තිබෙන අතර ට‍්‍රැෆික් වැඩි පාරවල්වල ගාස්තු වැඩිකිරීමක් සිදු කරන්නට කළ ඉල්ලීම ඉවත දමා ඇත.