තමා නැවත අගමැති ධූරය ලබාගැනීම සඳහා යන ගමනට නීති දමන්නට කිසිවෙකුට හැකියාවක් නැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ සංචාරය අතරතුර එරට ‘ජපෑන් ටයිම්ස්’ පුවත්පතට
සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා තිබෙනවා.
මේ බව හෙළිවූයේ අනාගත සැලසුම් මොනවාදැයි එම සාකච්ඡාවේදී ඇසූ අවසන් පැනයේදීය.

එහිදී මහින්ද කියා ඇත්තේ තමාට නැවත 3 වන වාරයට ජනපතිකම ඉල්ලන්නට බැරි වන ලෙස වත්මන් රජය නීති සැකසූ නමුත් තමාට අගමැති ධූරය කරා යන්නට බාධාවක් දමන්නට කිසිවෙකුට හැකියාවක් නැති බවය.
එසේම වත්මන් රජය තමා ඩොලර් බිලියන 18 ක් සොරකම් කර ඇති බවට චෝදනා කරන නමුත් මේ දක්වා එක් ඩොලරයක් හෝ වංචා කර ඇති බව ඔප්පු කර නැති බවත් එසේ කරන්නට කිසිවෙකු සමත්වේ නම් තමා උගුරු දණ්ඩ කපාගෙන මරණයට පත්වන්නට සූදානම් බවත් මහින්ද එහිදී කියා ඇත. එම සඳහන පහත පරිදිය.
And corruption allegations? “They say I have stolen $18 billion, but if they find evidence of even $1, I will cut my throat,” he says, claiming that evidence has come out implicating the current president.
Asked about future plans, Rajapaksa pointed out that now he is barred from seeking a third term as president, but, flashing his signature smile, did not rule out running for prime minister. “Politicians never retire,” he says.
ජපාන ටයිම්ස් පුවත්පතේ සම්පූර්ණ ලිපිය මෙතැනින්