ජනතා විමුක්ති පෙරමුණ සමග අවසන් කාලයේ මතභේද ඇති කරගෙන සිටි සෝමවංශ අමරසිංහ මියගිය පසු ඔහු වෙනුවෙන් ඉදිරිපත්වීම ඔහුගේ පවුලේ අය හා අවසන් කාලයේ දේශපාලන හිතවතුන්ගේ නොරිස්සුමට හේතු වී තිබුණ බව මින් ඉහතද වාර්තා විය.
ඒ අනුව සෙනසුරාදා අවසන් කටයුතු සිදුවන අවස්ථාවේත් මේ විරසකය
මතුවූ බව වාර්තා වුණ අතර පාංශුකූලය ලබාදෙන අවස්ථාවේ

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ භික්ෂුවකට කතාවක් කරන්නට නියමිතව තිබී අවසන් මොහොතේ එය නවතන්නට පියවර ගෙන තිබුණි.
මේ හේතුවෙන් කනත්තේ අවසන් කටයුතු සිදුවන මොහොතේ එයින් ඉවත්ව ඒ ප‍්‍රදේශයට නොයා සිටින්නට ජවිපෙ සාමාජිකයින් පියවර ගෙන තිබුණි.
කනත්තේ අවමංගල සභාවේ කතාවෙන් කිරීමේදීද ජවිපෙට කතාවක් වෙනන් කර තිබුනේ නැත.
කෙසේ වෙතත් රාත‍්‍රී 8 පමණ වනතුරු ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් සෝමවංශ මහතාගේ නිවසේ රැඳී සිටි බව වාර්තා වුණි.
අවසන් කටයුතු පැවති අවස්ථාවේ ඡායාරූප පහතින්

http://www.gallery.gossiplankanews.com/event/somawansa-amarasinghes-funeral.html
Pix By -Suren Abeysundara