three-buses-collide-in-medawachchiya-rambawa-3-dead-photos

අනුරාධපුර - යාපනය ඒ 9 ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය රඹෑව ප්‍රදේශයේදී අද (10) උදෑසන මගී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් අතිශය බිහිසුණු රිය අනතුරක් සිදුව තිබේ. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් සහ එක් පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලීසිය තහවුරු කරයි.

මෙම ඛේදනීය සිදුවීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු එම ස්ථානයේදී මියගොස් ඇති බවට මූලික වාර්තා සඳහන් කරන අතර, වාර්තාවන පරිදි මරණ සංඛ්‍යාව තවත් ඉහළ යාහැකිය. මීට අමතරව අනතුර හේතුවෙන් තුවාල ලැබූ මගීන් 50කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට ද වැඩිදුරටත් වාර්තා වෙයි.

අනතුර සිදුවූ වහාම තුවාලකරුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. මේ වන විටත් ප්‍රතිකාර සඳහා ඔවුන්ව අනුරාධපුර, මැදවච්චිය සහ රඹෑව යන රෝහල් වෙත ඇතුළත් කරමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධියට අදාළව මිහින්තලේ පොලීසිය විසින් මේ වන විටත් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.