
පසුගියදා මාතලේ පාසලක සිදුවූ අපූරු උපන් දින සැමරුමක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තාවේ. මාතලේ, මැටිහක්ක මහින්ද ද්වීතීයික විද්‍යාලයේ විදුහල්පතිවරයා වන සුසන්ත දිසානායක මහතාගේ උපන්දිනය දවසේ එය පුදුම කරවන සැමරුමක් බවට පත්කිරීමට විදුහලේ උසස්පෙළ සිසුන් සහ ආචාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණි.
උසස් පෙළ පන්ති පවත්වන කාමරයක අසාමාන්‍ය ශබ්ද නගමින් සැලසුම් කළ මෙම සැමරුමේදී විදුහල්පතිවරයාට පනිවිඩයක් යවා තිබුනේ 'ඒලෙවල් ළමයි ගහගන්නවා' යනුවෙනි.විදුහල්පති කාමරයේ සිට වේගයෙන් දිව ආ විදුහල්පතිවරයාට දැක ගන්නට ලැබුනේ එවැනි සිදුවීමක් නොව සියලු දෙනා උපන් දින කේක් එකක් කපන්න ලෑස්තිවී සිටින අයුරුය. විද්‍යාලයේ ගුරුවරුන් සිසුන්ගේ මෙන්ම ආදි සිසුන්ගේද නොමද ගෞරව ආදරයට පත්ව තිබෙන මෙම විදුහල්පතිවරයා සිනහ නගා සිය උපන්දින සැමරුම අනතුරුව සිදු කළේය.
මේ සිදුවීමට අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිතව ඇති අතර බොහෝ අය විදුහල්පතිවරයාට හදවතින්ම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කර ඇති අයුරු දැකගත හැකි විය.