shashi-weerawansas-daughter-shows-love-from-afar-when-he-goes-to-prison-video

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකාරිය කොට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී විරවංශ මහත්මියට නියම කර තිබූ සිරදඬුවම් ඇතුළු දණ්ඩන නියෝගයන් වහාම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18දා) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.




ශෂී වීරවංශ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටියදී බන්ධනාගාර නිලධාරීන් කැඳවා විවෘත අධිකරණය හමුවේදී ඇයව බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට පත්කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එම සැකකාරිය වහාම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

පෙත්සම්කාරියට මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් සිරදඬුවම ඇතුළු දණ්ඩන නියෝගයන් මහාධිකරණය විසින් ස්ථීර කර තිබියදීත් එය ක්‍රියාත්මක කිරීම වෙනුවට ඇපමත මුදාහැරීමට නියෝග කරමින් මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කිරීම දෝෂසහගත බවට නිගමනය කොට මහාධිකරණයේ තීන්දුවට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කළේය.




ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය සාලිය පීරිස් දරුවන් දෙදෙනකුගේ මවක වන සිය සේවාදායිකාව එතෙක් බන්ධනාගාර නිලධාරින්ගේ භාරයට පත් නොකරන ලෙසට ඉල්ලීම් කළද පෙත්සම්කාරියගේ දරුවන්ගේ උප්පැන්න සහතිකවල ඔවුන්ගේ මව වන සැකකාරියගේ උපන් දිනය වෙනස්ව ඇති බව කියා සිටි පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සියලු දෙනාම නීතිය හමුවේදී එක හා සමාන බවත් නීතියට ඉහළින් කිසිවකු නොමැති බවත් පැවසීය.

වසර දෙකක සිරදඩුවම් නියම වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා තිබේ.



ඊයේ රාත්‍රියේ එම බන්ධනාගාරය වෙත රැගෙන ආ ඇය පළමුව සිරකාරිනියක් ලෙස ලියාපදිංචි කර තිබෙන අතර සිරකාරිනියන්ට නියම කෙරෙන සුදු රෙද්ද සහ හැට්ටය ශෂී වීරවංශ මහත්මියටද නිකුත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා ඇත.

ඉන් අනතුරුව තවත් සිරකාරිනියන් පිරිසක් රදවා සිටින වාට්ටුවක ශෂී වීරවංශ මහත්මිය රැදවු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ශෂී වීරවංශ මහත්මිය බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේ අසළ රැඳී සිටි දියණිය ඇයට අතින් සන් කර සමුගෙන, දුර සිට වැඳ ආශිර්වාද කරන අයුරු වීඩියෝගතවී තිබේ.

gossiplanka image