අනුරාධපුර පූජා නගරයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර කලහකාරී ලෙස හැසිරුණේ යැයි එල්ල වී ඇති චෝදනාවකට අදාළව පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා උන්වහන්සේව අනුරාධපුර පොලිස් ස්ථානය වෙත කැඳවා තිබූ අතර, එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මීට මුල් වූ සිදුවීම වාර්තා වන්නේ පසුගිය නොවැම්බර් 12 වැනිදා ය. එදින අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් මාරාන්තික උපවාසයක නිරත වෙමින් සිටියහ.
එම විරෝධතාව පැවති ස්ථානයට පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන් ප්රමුඛ පිරිසක් පැමිණීමත් සමඟ එහි දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තේය. අනතුරුව එම දෙපාර්ශ්වය අතර ඇති වූ බහින්බස් වීමක් අවසානයේදී ගැටුමක් දක්වා වර්ධනය වූ බව වාර්තා විය.
මෙම නොසන්සුන්තාව අතරතුරදී හිසට සිදුවූ තුවාල හේතුවෙන් සද්ධාරතන හිමියන්ව රෝහල්ගත කිරීමට ද පියවර ගැනුණි.
එදිනම සිද්ධියට මැදිහත් වූ පොලීසිය විසින් ගැටුම පාලනය කිරීමට පියවර ගත් අතර, එහිදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත් විය.