police-seek-public-assistance-in-locating-missing-person

මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර, ඔහු සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි. අතුරුදන් වූ පුද්ගලයාගේ පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මීගහතැන්න පොලිස් ස්ථානය මගින් මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.




මෙලෙස අතුරුදන් වී ඇත්තේ අංක 381/1/ඒ, පුවක්ගහහේන, මීගහතැන්න ලිපිනයේ පදිංචිව සිටි වික්‍රමනායක කරුණාරත්නගේ දර්ශන තිවංක නැමැති අයෙකි. අදාළ පැමිණිල්ලට අනුව ඔහු 2026 අප්‍රේල් මාසයේ දී මනම්පිටිය සහ වැලිකන්ද යන ප්‍රදේශවලට යන බව පවසමින් නිවසින් පිටව ගොස් තිබේ.

අතුරුදන් වූ දර්ශන තිවංක මහතා අඩි 05යි අඟල් 04ක් පමණ උසැති, තලෙළු සමක් හිමි සිහින් සිරුරකින් යුක්ත අයෙකි. ඔහුගේ කොණ්ඩය කොටට කපා ඇති බව ද අදාළ තොරතුරුවල වැඩිදුරටත් සඳහන් වේ.




මොහුව හඳුනාගැනීමට පහසුවීම සඳහා පොලීසිය විසින් ඡායාරූපයක් ද නිකුත් කර තිබේ. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත්, මීගහතැන්න පොලිස් ස්ථානාධිපතිවරයාගේ 071-8591706 දුරකථන අංකයට හෝ මීගහතැන්න පොලිස් ස්ථානයේ 034-2284022 යන අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

police-seek-public-assistance-in-locating-missing-person