උසාවි නියෝගයක් නොතකමැන් සත්‍යග්‍රහයක නිරතවීස නිසා මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට තවත් අධිකරණ නඩුවක් හේතුවෙන් යළිත් රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදුව තිබෙනවා. ඒ, ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නවතම නියෝගයක් හේතුවෙනි.
ත්‍රීකුණාමලය සිදුවීමට අදාළ නඩුවට පෙනී නොසිටි දිනයේ මාධ්‍ය අමතමින් මහේස්ත්‍රාත්වරයා දැඩිව විවේචනය කරන්නටද හිමි නම කටයුතු කළ අතර ඒ සම්බන්ධයෙන් අධිකරණ අපහාස නඩුවක් ඉදිරියේ ්රකියාත්මක වනු ඇත.ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියකට අදාළව පසුගියදා උන්වහන්සේට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණා. ඊට හේතු වී තිබුණේ අදාළ නඩු කටයුත්ත සඳහා උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී නොසිටීමයි. ඒ අනුව කස්සප හිමියන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. අනෙක් නඩුවට රක්සිත බන්ධනාගාර ගත කර ඇත්තේ 26 වනදා වනතෙක් වන අතර හෙට මෙයින් නිදහස් වුවත් තවදුරටත් 26 වනදා අධිකරණයට පෙනී සිටිනතුරු ඇතුලේ සිටිමට මේ අනුව සිදුවේ.
රාජාංගනේ සද්ධාරතන හිමිට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය තවම උසාවිය හමුවට ගොස් නැති අතර එම සිද්ධියට නීතිය ක්‍රියාත්මක වූවොත් කස්සප හිමිට තවත් උසාවි කටයුත්තක් යෙදෙනු ඇත.
සත්‍යගහයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව් නමක් සහ කාන්තාවක ඇතුළු ගිහියන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටියි. කහටගස්දිගිලියේ විජිත, බලංගොඩ අනුරුද්ධ, පිළිමතලාවේ රේවත සහ දෙනියායේ සෝරත යනු එහිදී රිමාන්ඩ් භාරයට පත් වූ සෙසු භික්ෂූන් වහන්සේලායි. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා සැකකාර භික්ෂූන් වහන්සේලා ප්‍රතිකාර ලබමින් සිටි අනුරාධපුර ශික්ෂණ රෝහලට ගොස් උන්වහන්සේලා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ලබන 26 වැනිදා දක්වා අදාළ රක්ෂිත බන්ධනාගාර නියෝගය ලබා දී තිබුණා.
මේ අතර, අදාළ පහරදීමේ නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ට ඇප ලබාගැනීම සඳහා නඩුව යළි කැඳවන්නැයි ඉල්ලා නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා විසින් මෝසමක් මගින් කළ ඉල්ලීමක් ද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
අනුරාධපුර පොලිස් අධිකාරි චානක අබේසිරිගුණවර්ධන මහතාගේ උපදෙස් මත, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක, උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන සහ සැරයන් (47818) එච්.එම්.ඩබ්.කේ. ඉලංගසිංහ යන නිලධාරීන් විසින් අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මීට පෙර කරුණු දක්වා තිබුණා. ඒ අනුව, පහරදීමේ නඩුවකට අදාළව මේ මස 26 දක්වාත්, අධිකරණය මගහැරීමේ සිද්ධියක් හේතුවෙන් හෙට (17) දිනය දක්වාත් වශයෙන් අධිකරණ දෙකකින් ලද රක්ෂිත බන්ධනාගාර නියෝග දෙකකට එකවර මුහුණදීමට බලංගොඩ කස්සප හිමියන්ට මේ වනවිට සිදුව තිබෙනවා.