රජය විසින් ගෙන ඒමට නියමිත PSTA පනත් කෙටුම්පතට එරෙහිව ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ විරෝධතා පාගමනක් පාර්ලිමේන්තු පිවිසුම අසලට පැමිණියේ වෙනස්ම ආකාරයක විරෝධතා දැක්වීමක්ද සමගිනි. එහිදී වඩාත් කැපී පෙනෙන චරිතයක් බවට පත්වූයේ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමිය.
ඔහු මෙම විරෝධතාව සඳහා සහභාගී වී සිටියේ උඩුකය ඇඳුම් රහිතව, සිය සිරුරේ වූ පච්ච ප්‍රදර්ශනය වන අයුරිනි. 2022 අරගල සමයේ වීදි පුරා කුරුසියක් කර තබාගෙන පැමිණ පාස්කු ප්‍රහාර වින්දිතයින්ට සාධාරණය ඉල්ලූ ජෙහාන් මෙවරද සිය විරෝධය කැපී පෙනෙන ආකාරයට කර තිබෙන බව හඳුනාගන්නට ලැබේ.මෙම විරෝධතා පාගමන ආරම්භ වූයේ පොල්දූව මංසන්ධියෙනි. එතැන් සිට පාර්ලිමේන්තු පිවිසුම අසලට ගමන් කළ විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉලක්කය වූයේ රජය විසින් යෝජනා කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත පිළිබඳව සිය දැඩි විරෝධය නීති සම්පාදකයින් හමුවේ ප්‍රකාශ කිරීමයි.
මෙලෙස විරෝධතාව සංවිධානය කළ ජන අරගල ව්‍යාපාරය පෙන්වා දෙන්නේ අදාළ යෝජිත පනත් කෙටුම්පත් හරහා මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට මෙන්ම ඔවුන්ගේ නිදහසට ද බලපෑම් එල්ල විය හැකි බවයි. උඩුකය නිරාවරණය කරගත් රංගන ශිල්පියෙකු ද පෙරටු කරගනිමින් ඔවුන් පාර්ලිමේන්තුව අබියසට පැමිණියේ ජනතා නිදහස සීමා වෙතැයි ඔවුන් නගන එම බරපතළ චෝදනාව පෙරදැරි කරගනිමිනි.