
මෙරට ගෑස් පාරිභෝගිකයන් වෙත නව සැපයුමක් එක් කරමින්, එල්.පී. ගෑස් මෙට්‍රික් ටොන් 3,000කට අධික තොගයක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වී ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි.
මෙම නව ගෑස් තොගය ලැබීමත් සමඟ, ගෘහස්ථ මෙන්ම ව්‍යාපාරික පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ගෑස් සිලින්ඩර සැපයීමේ කටයුතු අදියරෙන් අදියර යළි ආරම්භ කරන බව සමාගම පෙන්වා දෙයි.
නෞකාවේ ඇති ගෑස් තොග ගොඩබෑමේ කටයුතු අවසන් වූ පසු සිලින්ඩර පිරවීමේ කටයුතු ආරම්භ කෙරෙන අතර, අනතුරුව ප්‍රධාන බෙදාහරින්නන් සහ බලයලත් අලෙවි නියෝජිතයන් ජාලය හරහා ඒවා ක්‍රමවත් ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇත.
මෙම බෙදාහැරීමේ ක්‍රියාවලියත් සමඟ ඉදිරියේදී ප්‍රදේශයෙන් ප්‍රදේශයට ක්‍රමානුකූලව ලාෆ්ස් ගෑස් සිලින්ඩර ලබාගැනීමට පාරිභෝගිකයන්ට ඇති හැකියාව යළිත් ඉහළ යනු ඇති බව ලාෆ්ස් සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.