the-government-has-created-a-murderous-state-dominated-by-authoritarian-police-repression---wimal-weerawansa

අතීතයේදී මර්දනකාරී අණපනත්වලින් අනන්ත අප්‍රමාණ පීඩාවලට ලක්වූ දේශපාලන ව්‍යාපාරයක් බලයට පත්වීමෙන් පසු, සිය තුනෙන් දෙකක බහුතර බලය යොදාගනිමින් ඊටත් වඩා දරුණු මර්දනකාරී නීති සම්මත කරගැනීමට සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා දැඩි චෝදනාවක් එල්ල කරයි. ඔහු පෙන්වා දෙන්නේ මේ හරහා රට අත්තනෝමතික මෙන්ම ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් කරා ගමන් කරමින් පවතින බවයි.




ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත නව ත්‍රස්ත විරෝධී පනත සහ අපරාධ නීතියට ගෙන එන බරපතළ සංශෝධන පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. එම නව නීති හරහා මේ රටේ සාමාන්‍ය සිවිල් පුරවැසියාගේ නිදහස් සහ සාමකාමී ජීවිතයට එල්ල වන තර්ජනය සුළුපටු නොවන බව ඔහු අවධාරණය කරයි.

ජාතික නිදහස් පෙරමුණේ නායකයා වැඩිදුරටත් පෙන්වා දෙන පරිදි, මෙම නව පනත් මගින් මෙරට මාධ්‍ය නිදහසට අතිශය අහිතකර බලපෑමක් එල්ල වනු ඇත. ඊට අමතරව, මහජනතාව සතු අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සාමකාමීව එක්රැස්වීමේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් රැසක් මින් මුළුමනින්ම උල්ලංඝනය වන බවද ඔහු කියා සිටී.




පවතින පාර්ලිමේන්තු බලය යොදාගනිමින් මෙම මර්දනකාරී අණපනත් සම්මත කරගතහොත්, ඉන් අනතුරුව මෙරට නිර්මාණය වනු ඇත්තේ අන් කිසිවක් නොව, ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයකින් යුත්, පොලිස් මර්දනය රජයන මිනීමරු රාජ්‍යයක් බව විමල් වීරවංශ මහතා දැඩිව අනතුරු අඟවයි.