
මහන්සියට නිසි අගය ලැබෙනවා නම්, එය කෙතරම් විශාල විය හැකිද? ඩුබායි හි සමාගමක් සිය සේවිකාවකට ලබා දුන් සුවිශේෂී තෑග්ගක් හේතුවෙන් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
ඩුබායි හි ප්‍රකට දේපළ වෙළඳ සමාගමක් වන 'රිච්කී ප්‍රොපටීස්' (Richkey Properties) සිය තෙවන සංවත්සරය සහ වාර්ෂික සම්මාන උළෙල පසුගියදා අතිඋත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. එහිදී 2026 වසරේ 'හොඳම සේවිකාව' (Top Performer) ලෙස සම්මානයට පාත්‍ර වූයේ සමාගමේ දක්ෂතම නියෝජිතවරියක වන නටාලියා චාවේස් ය. පසුගිය වසර දෙකක කාලය තුළ ඩොලර් මිලියන 500කට (ඉන්දීය රුපියල් කෝටි 4700කට පමණ) වැඩි වටිනාකමකින් යුත් දේපළ අලෙවි කරමින් ඇය දැක්වූ අසාමාන්‍ය දක්ෂතාවය වෙනුවෙන් සමාගම විසින් ඇයට කිසිවෙකුත් නොසිතූ අන්දමේ ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කළේය.
වේදිකාව මතදී නටාලියාට සම්මානය ප්රදානය කිරීමෙන් අනතුරුව, තවත් සුවිශේෂී පුදුම කිරීමක් ඉතිරිව ඇති බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා නිවේදනය කළේය. ඒ සමඟම, ශාලාව තුළ නවතා තිබූ නිල් පැහැති අලංකාර ලැම්බෝගිනි උරුස් (Lamborghini Urus) සුඛෝපභෝගී මෝටර් රථයකින් ආවරණය ඉවත් කෙරිණි. ඩුබායි හි දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 10 වටිනාකමකින් යුත් මෙම සුඛෝපභෝගී මෝටර් රථයේ යතුරු සිය කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස හිමිවීමත් සමඟ නටාලියා දැඩි සතුටකට සහ පුදුමයකට පත් වූවාය.
මෙම සුවිශේෂී අවස්ථාවේ වීඩියෝව මේ වන විටත් ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී. "විශාල ජයග්‍රහණ, විශාල සිහින" යනුවෙන් සමාගම සිය සටහනේ දක්වා තිබූ අතර, සේවක කැපවීම අගය කරන මෙවැනි ප්‍රධානීන් සිටී නම් ඕනෑම සේවකයෙකු උපරිමයෙන් සිය රාජකාරිය ඉටු කරනු ඇති බවට සමාජ මාධ්‍ය පරිශීලකයෝ අදහස් පළ කරමින් සිටිති.