tuition-teacher-who-went-out-for-drinks-with-mothers-of-scholarship-students-becomes-father-of-five

මඩාටුගම ප්‍රදේශයේ ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු සහ තම බිරිඳ අතර පවතින බව කියන අනියම් සම්බන්ධතාවක් පිළිබඳව සැමියෙකු විසින් පොලිසියට ලබා දුන් තොරතුරක්, අපේක්ෂා නොකළ සිදුවීම් දාමයකට මුල පුරා තිබේ. සැමියාගේ පැමිණිල්ලට අනුව පොලිසිය විසින් අදාළ ස්ථානය පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේදීත්, එම ගුරුවරයා සහ කාන්තාව නිවසේ රැඳී සිට ඇත.




එහිදී එම ස්ථානයට පැමිණි කාන්තාවගේ සැමියා විසින් ගනු ලැබුවේ කාගේත් අවධානයට ලක්වන තීරණයකි. ඔහු තම බිරිඳ මෙන්ම දරුවන් තිදෙනාද අදාළ උපකාරක පන්ති ගුරුවරයාට භාර දීමට එහිදී කටයුතු කළේය. ඉන් අනතුරුව සිද්ධියට සම්බන්ධ ගුරුවරයා සිය අනියම් බිරිඳ සහ දරුවන් කැටුව එම අවස්ථාවේම එතැනින් පිටව ගොස් තිබේ.

මෙම සිදුවීමත් සමග පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී අදාළ ගුරුවරයා සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී ඇත. තම නීත්‍යානුකූල බිරිඳ සහ දරුවන් දෙදෙනා නිවසින් බැහැරව සිටින අවස්ථාවන්හිදී, සිය නිවස තුළදීම උපකාරක පන්ති සඳහා පැමිණෙන දරුවන්ගේ මව්වරුන් සමග ඔහු මෙලෙස අනියම් සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවට එහිදී හෙළි වී තිබේ.




මේ අනුව ශිෂ්‍යත්ව දරුවාගේ පවුලේ දරු තිදෙනෙකු හා තම පවුලේ දරු දෙදෙනෙකු ලද ශිෂ්‍යත්ව ගුරුවරයා එක්වරම පස්දරු පියෙකු බවට පත්ව තිබේ.

පොලිස් මැදිහත්වීම මත අදාළ ස්ථානයේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු තහවුරු කරගෙන ඇති අතර, සිද්ධියට අදාළව නීත්‍යානුකූලව අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව පොලිසිය සඳහන් කරයි.



මෙම ඛේදවාචකයට මුහුණ දුන් සැමියා සමාජයට ලබා දෙන්නේ බරපතළ පණිවිඩයකි. මෙවැනි සිදුවීම් තුළ ඉදිරියේදී කුඩා දරුවන් පහසුවෙන්ම ගොදුරක් බවට පත්විය හැකි බැවින්, ශිෂ්‍යත්ව උපකාරක පන්ති වෙත දරුවන් යවන දෙමාපියන් මීට වඩා දැඩි විමසිල්ලකින් කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කර සිටී.

තම පවුලට අවාසනාවන්ත ඉරණමක් අත්වුවද, ඔහු තුළින් පළවූයේ සංවේදී ඉල්ලීමකි. අදාළ ගුරුවරයාගේ බිරිඳ සහ දරුවන් සමාජයේ උසස් වගකීම් දරමින් ජීවත් වන බැවින්, මෙම සිදුවීම වාර්තා කිරීමේදී ඔවුන්ගේ ජීවිතවලට කිසිදු හානියක් නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.