sudden-power-outage-islandwide---not-even-at-the-airport

අද (17) දහවල් 11.45 - 12.00 ට පමණ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකම විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වේ. ඇඹිලිපිටිය, කොළඹ 15, කොළඹ 10, මොරටුව ,ගම්පහ, රාගම, වැල්ලවත්ත, දෙහිවල, නුගේගොඩ 

යාපනය, අරණායක, මැදිරිගිරිය, වවුනියාව, කුරුණෑගල, අම්පාර, බණ්ඩාරගම, අම්බලන්ගොඩ, ගාල්ල, වත්තල, මහරගම, කඩුවෙල, බත්තරමුල්ල,මහනුවර, කොළඹ 6, කොළඹ 4, කොලොන්නාව, කඩවත, ඇල්ල, පොළොන්නරුව, නුවර එළිය, රාජගිරිය,මඩකලපුව, ත්‍රීකුණාමලය, මුල්ලේරියාව, අංගොඩ,මාවනැල්ල, පැපිලියාන, කෝට්ටේ මෙන්ම BIA බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළද විදුලි බිඳවැටීම් වාර්තාවී ඇත. 



සම්ප්‍රේෂණ ජාලයේ ඇති වූ ප්‍රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් රට පුරා විදුලිය ඇනහිටීමක් සිදුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සනාථ කරයි.

විදුලි සැපයුම බිඳවැටීම හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල විදුලිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්ගෙන් කළ විමසීමකදී පවසා ඇත.