namal-is-set-to-become-an-arahant-in-prison---thithgalle-thero

නාමල් රාජපක්ෂ සිරගෙදරදී භාවනා කර රහත් ඵලය ලබාගන්නා බවටත් අනාගත ජනපති පදවිය ලබාගන්න බැරි වුණොත් රහත් ඵලය හෝ ලබාගන්නා බවටත් තමාද රහත් වුවත් එය අවබෝධ කරගන්නට එන අයට ඒ ගැන පහදාදී ඵලක් නැති බවත් පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි ටෘත් විත් චමුදිත වැඩසටහනට පැමිණ පැහැදිලි කර තිබේ. 
මෙත් බෝ සෙවන ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ වන මෙම හිමි නම මේ දිනවල ඥනසාර හිමි නිදහස් කරගැනීම වෙනුවෙන් සිදුකරන පාගමනේද ප්‍රධාන සංවිධායක වරයෙකි.

යූටියුබ් වැඩසටහනේ ඇතිවූ සංවාදය පහත පරිදිය.




දැන් නාමල් පැය තුනහමාරක් හතරක් හිරගෙදර භාවනා කරනවා.

නාමල් මොකක්ද මේ රහත් වෙනවාද කියලා තියෙන්නේ.




ඉතින් දැන් මේ කට්ටිය හිරේ දැම්මොත්, දැන් ඕන නම් ඔයා බන්ධනාගාර නිලධාරීන්ගෙන් අහන්න, උදේ හතරට නැගිටලා භාවනා කරනවා.

කවුද?


නාමල්.

හා.

හිරගෙදර, දැන් ඕන නම් හිරගෙදර ගියාද බලන්න?

මම බලන්න ගියා.

හා.

ගිහිල්ලා දෙවෙනි මේ පොතක් දීලා උපදෙස් දීලා ආවා ඊළඟට වැඩසටහනට භාවනා කරන්න.

පැය තුනහමාරක් භාවනා කරනවා.

උදේට පැය දෙකයි, හවස රාත්‍රීට පැය දෙකයි.

එතකොට දැන් මොකක්ද නාමල් රහත් වෙනවාද කියලා කියන්නේ?

ඉතින් මේ, ඔයා හිතන්න සතර සතිපට්ඨානය වඩනවා අංගුලිමාල, රහත් වුණේ නැද්ද? ඉතින් නාමල්ට රහත් වෙන්න බැරිද?

එතකොට ඒ කියන්නේ ලංකාවේ ඊළඟ, ඊළඟ ජනාධිපතිවරයා රහත්, රහතන් වහන්සේ නමක්ද?

නැහැ නැහැ, එහෙම කියන්න බැහැ. මම කියන්නේ දැන් දිගටම මේගොල්ලෝ කියනවානේ දිගටම හිරේ දානවා කියලා, ආණ්ඩුවෙන් කියාගෙන යනවානේ වේදිකාවල් ගානේ. ඉතින් දිගටම හිරේ දැම්මොත් රට පාලනය කරන්න බැහැනේ. මට භාවනා කරලා සතර සතිපට්ඨානය වඩලා අවුරුදු පහළොවක් දාසයක් යනකොට රහත් වෙන්න පුළුවන්.

නාමල්ට?

ඔව්. ඔය යන විදිහට.

ඉතින් අරගොල්ලෝ කිව්වොත් හිරේ දැම්මොත්, දැන් එළියට ඇවිල්ලා වැඩ කරොත් භාවනා කරන්න කාලය නැහැනේ, දේශපාලනය කරනවා මේවා කරන්න කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක එයාගේ වාරය...

ඔය, ඔය දැන් මේ, මේ භාවනා කරනවා කියලා බොරු, බොරු බයිට් එකක්, කෝලමක් නෙමෙයිද කරන්නේ?

නැහැ නැහැ. පැය දෙකක් විතර ඇස් දෙක පියාගෙන, එරමිණිය ගොතාගෙන ඉන්න පුළුවන්ද බොරු බයිට් එකට?

දැන් කොහොමද, කොහොමද හාමුදුරුවෝ දන්නේ එහෙම භාවනා කරනවා කියලා?

මමනේ උපදෙස්, කමටහන් දෙන්නේ.


හාමුදුරුවෝද මේ, මේ...

ඔව්.

දැන් ඔයාට ඕනේ නම්, අද දීලා යන්නම්, ඔයාත් ඒක දවසට මුලින්ම විනාඩි පහළොව, හතරකට කරන්න, මම මාසෙන් මාසෙට කමටහන් දෙන්නම්.

එතකොට දැන් නාමල් වුණත් රහත් වෙන්න පුළුවන්?

නාමල්ට නෙමෙයි චමුදිතටත් පුළුවන්.

දැන් හැබැයි ඉතින් ඔය වගේ බිසී වැඩ කරන්න බැහැ, දවසට පැය හතරක් විතර භාවනා...

එතකොට හා, එතකොට හාමුදුරුවන්ටත් පුළුවන් වෙන්න එපැයි. හාමුදුරුවෝ භාවනා කරලා ඉස්සෙල්ලා රහත් වෙලා හිටියා නම් ඊට වඩා හොඳයිනේ.

මම, මම ඒක අවබෝධ කරගත්ත නිසා තමයි කියලා දෙන්නේ.

ඒ කියන්නේ ඔබවහන්සේත් රහත් වෙලාද ඉන්නේ?

ඉතින් ඒකද, ඔබ, මම, මම රහත් වෙලාද නැද්ද කියලා මම දැන් ඔයාට කිව්වට ඔයා පිළිගන්නේ නැහැනේ. මම, දැන් කියලා ඔයා රහත් දැක්කට පස්සේ, දැන් මාත් එක්ක...

නැහැ නැහැ, මම, මම පිළිගන්න එක අවුලක් නැහැ, හාමුදුරුවන්ගෙන් උත්තරේ කියන්නකෝ.

නැහැ නැහැ, ඒකට උත්තරේ දෙන්නම්. මම මෙහෙමයි ඒකට උත්තරේ දෙන්නේ. දැන් ඔයාට මම මාර්ගයක් කියලා දෙනවා. දැන් බුදුහාමුදුරුවෝ බුදුවුණා කියලා ඇවිල්ලා පස්වග තවුසන් කිව්වාම පිළිගත්තද? නැහැ. ඊට පස්සේ රෑ එළිවෙනකන් ධර්මය දේශනා කරා. එතකොට කවුද මුලින්ම ඒක අවබෝධ කරගත්තේ? අඤ්ඤා කොණ්ඩඤ්ඤ. අන්න ඒ වෙලාවේ එයාට විතරයි බුදුහාමුදුරුවෝ බුදුවුණේ ඒ වෙලාවේ. අනිත් අයට මාස තුනක් ගියා ඒක තේරුම් ගන්න. අනිත් පස්දෙනාට, හතරදෙනාට. එතකොට ඒකයි මම කිව්වේ, මම මාර්ගය කියලා දෙන්නම්, ඔයා සත්‍යය අවබෝධ කරොත් කියන්න අන්න තිත්තගල්ලේ හාමුදුරුවෝ තමයි මට මේක කියලා දුන්නේ, එයාට නම් මොකක් හරි අවබෝධ වෙලා තියෙන්නේ කියලා. නැත්නම් ඉතින් රහත් බව පිළිගන්න බැහැනේ. මම බොරුවක් කියනවා වෙන්නත් පුළුවන්නේ.

namal-is-set-to-become-an-arahant-in-prison---thithgalle-thero

gossiplanka image