namal-and-janaki-denied-bail---remanded-in-custody-for-10-days

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (06) නියෝග කළේය.




සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන් අතර ඊට අදාළව නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යන දෙදෙනාම අද දිනයේ අධිකරණයට රැගෙන එනු ලැබූහ. එළඹෙන 16 වනදා ඇප නියෝගය ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවකු ලෙස නම් කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගිය 30 වනදා ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබිණි.




එසේ වුවද ක්‍රිෂ් නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටීම හේතුවෙන් ඔහුට තවදුරටත් බන්ධනාගාරයේ පසුවීමට සිදුවිය. කෙසේ වෙතත් ලබන 16 වනදා ඔහුට ඇප මත නිදහස ලබා ගැනීම සඳහා නීතීඥවරුන් දැඩි වෙහෙසක් ගනිමින් සිටිති.

namal-and-janaki-denied-bail---remanded-in-custody-for-10-days