අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔහුව අද (12) දිනයේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති අතර, ඒ අනුව ලබන ඔක්තෝබර් මස 26 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරයේ පසුවනු ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුගිය 06 වැනිදා හිටපු නාගරික මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබුවේ අයිස් මත්ද්‍රව්‍ය ද සමඟිනි. ඉන් අනතුරුව අධිකරණයෙන් ලබාගත් නීත්‍යානුකූල අවසරය මත අද දිනය දක්වාම ඔහුව රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරනු ලැබීය.
එම රැඳවුම් කාලසීමාව අවසන් වීමෙන් පසු සැකකාර කහඳගම මහතා අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමඟ මෙලෙස ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
