kavantissa-falls-ill-and-collapses

ශ්‍රී ලංකාවේ ජීවත් වන ඇතුන් අතරින් උසම ඇතා වන 'කාවන්තිස්ස' පාදයක සිදුවූ බරපතළ තුවාලයක් හේතුවෙන් බිම ඇදවැටී සිටින පුවතක් මීගලෑව වනජීවී කාර්යාලය වාර්තා කරයි. මේ වන විට මෙම දැවැන්තයා මෙලෙස ඇදවැටී සිටින්නේ සියඹලන්ගමුව යාය 03 ප්‍රදේශයේ කුඹුරු යායකය.




අද දිනයේදී කාවන්තිස්ස ඇතා කුඹුරක් මැද අසරණව වැටී සිටින අයුරු පළමුවෙන්ම දැක ඇත්තේ ප්‍රදේශවාසීන් විසිනි. ඒ දුටු විගස ඔවුන් ඒ පිළිබඳව වනජීවී නිලධාරීන්ට දැනුම් දීමට පියවර ගෙන තිබුණි.

ප්‍රදේශවාසීන්ගෙන් ලද එම තොරතුරට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ වනජීවී වෛද්‍යවරුන් මේ වන විටත් ඇතා වැටී සිටින ස්ථානයේදීම අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇත.




මෙරට ජීවත් වන උසම ඇතා මෙලෙස බිම හෙලීමට තරම් කාවන්තිස්සගේ පාදයට සිදුවූ එම බරපතළ තුවාලය කෙසේ සිදුවූවක්ද යන්න මෙතෙක් කිසිදු අයුරකින් අනාවරණය වී නොමැත.

kavantissa-falls-ill-and-collapses

kavantissa-falls-ill-and-collapses