නාරහේන්පිට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ මාර්ගගත (Online) හමුවීම් ලබා ගැනීමේ පහසුකම එළැඹෙන සඳුදා (02) සිට යළි ආරම්භ වන බව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. මෝටර් රථ ලියාපදිංචි කිරීම, හිමිකාරිත්වය පැවරීම, තාක්ෂණික ගැටළු ආදිය ඇතුළු සේවාවන් සඳහා මෙම මාර්ගගත හමුවීමේ පහසුකම ඒ අනුව නැවත ආරම්භ වනු ඇත.
පහත සබැඳිය ඔස්සේ එම මාර්ගගත හමුවීම් සඳහා පිවිසිය හැකිය.
https://dmtappointments.dmt.gov.lk