husband-killed-wife-injured-in-shooting-of-couple-in-kalutara

කළුතර, නාගොඩ පාරේ පිහිටි හෝටලයක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය වී ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.




T-56 වර්ගයේ ගිනි අවියකින් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් වෙඩි පහරට ලක්වූ පුද්ගලයා සිද්ධිය සිදුවූ ස්ථානයේදීම මියගොස් ඇත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර එම ස්ථානයෙන් පලාගොස් ඇති බවට පොලීසිය සැක කරයි.




ප්‍රහාරකයින් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දකුණ පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

husband-killed-wife-injured-in-shooting-of-couple-in-kalutara

gossiplanka image 1
gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4