ආන්දෝලනාත්මක පුවත් මවන බලංගොඩ කස්සප හිමි සම්බන්ධ තෙවන වීඩියෝවද නිකුත්ව තිබේ. මෙහි දැක්වෙන්නේ කස්සප හිමි සත්යග්රහය අතරතුර දිවා ආහාරය සඳහා කොළඹ ජයික් හිල්ටන් හෝටලයට වැඩම කර ඉන් පිටව යන ආකාරයයි.
දින ගණනාවක් පුරා අව්වේ සිටිමින් සත්යග්රහයට කණ්ඩායමක් වෙහෙසෙද්දී මෙම හිමියන් පමණක් මේ ආකාර සුඛ විහරණයක් ලැබීම ගැන විවේචන සමග සමාජ මාධ්ය තුළ මෙම වීඩියෝව හුවමාරුවේ.