gota-also-undergoes-heart-surgery---requests-permission-to-travel-to-singapore

පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමාට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය වෙත මෝෂමක් ඉදිරිපත් කර තිබේ.




හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් කොටුව මහේස්ත්‍රාත් ප්‍රසන්න අමරසේන මහතා වෙත මෙම මෝෂනය ඉදිරිපත් කරමින් අදාළ ඉල්ලීම සිදුකර ඇත.

තම සේවාදායකයාට එරෙහිව පනවා ඇති ගමන් තහනම ඉවත් කරගැනීම සඳහා නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වා ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අවශ්‍යතාවයක් පෙන්වා දෙමිනි. සිංගප්පූරුවේ රෝහලකදී සිදුකිරීමට නියමිත හෘද සැත්කමකට අදාළ පශ්චාත් ප්‍රතිකාර කටයුතු සඳහා හිටපු ජනාධිපතිවරයාට සිංගප්පූරුව බලා යාමට අවශ්‍ය වී ඇති බව එම මෝෂනය මගින් වැඩිදුරටත් දන්වා තිබේ.




ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් සීමා කෙරුණේ මීට මාස හතරකට පමණ පෙරදීය. පාස්කු ප්‍රහාරයට අදාළව ක්‍රියාත්මක වන විමර්ශනයක් පදනම් කරගනිමින් රහස් පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම විදේශ ගමන් තහනම පනවනු ලැබීය.