දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවලට අනුව, අදාළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයා අද (07) දින අල්ලස් කොමිසම වෙත පැමිණ ඇත. එහිදී විමර්ශකයන් විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහුට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
රෝහිත බෝගොල්ලාගම මීට පෙර මෙරට විදේශ කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙසත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් කටයුතු කර ඇත. එමෙන්ම, ඔහු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ද සේවය කර තිබේ.

