van-overturns-in-highway-accident

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 වන කණුව ආසන්න ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගය මත පෙරළී යාමෙන් රිය අනතුරක් සිදුව තිබේ. කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් කිසිවෙකුටත් බරපතළ හානි සිදුව නොමැත.




වාර්තා වන ආකාරයට මෙම අනතුර හටගෙන ඇත්තේ, වෑන් රථයක පසුපස අදාළ මෝටර් රථය ගැටීමෙනි. එම ගැටීමෙන් අනතුරුව මෝටර් රථය මෙලෙස අධිවේගී මාර්ගය මත පෙරළී ගොස් ඇත.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිලධාරීන් විසින්, මාර්ගය මත පෙරළී තිබූ මෝටර් රථය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

van-overturns-in-highway-accident