wimal-namal-who-embraced-kuttiwa-in-anuradhapura-joins-in-strengthening-his-hands

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් සංවිධානය කරනු ලබන විශේෂ මහ ජන රැළියට සහභාගී වෙමින් ඊට සහය දැක්වීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ. සැප්තැම්බර් 12 වනදා පැවැත්වීමට නියමිත මෙම ජන රැළිය සඳහා පොදුජන පෙරමුණෙන් ලැබුණු ආරාධනාව පිළිගැනීමට තම පක්ෂයේ දේශපාලන මණ්ඩලය එක්ව තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කළේය.




ජාතික මට්ටමින් වැදගත්කමක් උසුලන ප්‍රධාන කරුණු පදනම් කරගනිමින් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් අතර ශක්තිමත් එකමුතුවක් හා සහයෝගීතාවයක් නිර්මාණය කිරීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණ වී ඇති බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැහැදිලි කර සිටියි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන දූෂණයට එරෙහිව තදින් ක්‍රියා කරනු ඇතැයි යන දැවැන්ත ජනතා බලාපොරොත්තු සහිතව වුවද, එම අපේක්ෂාවන් හා දුන් පොරොන්දු ඉටු කිරීමට රජය සම්පූර්ණයෙන්ම අසමත් වී ඇති බවට ද ජාතික නිදහස් පෙරමුණේ නායකයා මෙහිදී චෝදනා කර සිටියේය.




ඔහු ඊයේ (11) රාත්‍රියේම අනුරපුර රැස්වීම් භූමියට ගොස් සංවිධාන කටයුතු කරමින් සිටි තිස්ස කුට්ටිආරච්චි හමුවී ඔහු බදාගත්තේය.

බැසිල් රාජපක්ෂ සමග වැඩ කරන්නට බැරි යයි කියමින් ගෝඨාභය පාලන සමයේ රාජපක්ෂ කඳවුරෙන් නික්මීමෙන් පසු එක් අවස්ථාවක මහින්දගේ සුවදුක් බැලීමට පමණක් ගිය විමල් මේ ආකාරයට සිය දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කර ප්‍රසිද්ධියේ රාජපක්ෂ කඳවුරට එක්ව තිබුනේ වසර කිහිපයකට පසුවය.

gossiplanka image