සිය සමීප දේශපාලන සගයා වංචාවකට හසුවී රිමාන්ඩ් ගතකිරීමෙන් පසු සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මාධ්‍ය අමතා මෙසේ පැවසුවේය.
"ඉතින් දැන් මේ හයවෙනිදා.ජනාධිපතිතුමාට මොනවා හරි කියන්න දෙයකුත් තියෙන්න එපැයි. මොකද මේ වරායවල් හදලාද, නැත්නම් එයාපෝට් හදලාද, නැත්නම් උගන්ඩාවේ සල්ලි ටික ගෙනල්ලාද? ඉතින් කියන්න දෙයක් නැති හින්දා, අනෙක මේ ඩෝබිලා පොඩ්ඩක් ෆෝම් කරන්නත් එපැයි. දැන් ඔය කමෙන්ට් කරන ඩෝබිලා පොඩ්ඩක් චූන් කරන්න ඕනේ. එතකොට චූන් කරන්න හොඳම දේ තමයි මේවා ෆේස්බුක්, යූටියුබ් වල වැටෙනකොට ඩෝබිලා "අම්මෝ" ගාන එක. ඒගොල්ලෝ හරි ආසයි මේවට.
ඒක නිසා තමයි ඉතින් ඇත්තටම වෙන කියන්න දෙයක් නැත්තේ. මොකද මේ අවුරුදු දෙකට මොනවද වුණේ?
මේ ගල් අඟුරු වංචාව සිද්ධ වුණා.
ඉස්සර මොකක් හරි තැනක වෙඩි තියා ගත්තා කියන්නේ ලොකු නිව්ස් එකක්. දැන් සමහර වෙලාවට නිව්ස් වල ඒවා දකින්නත් නැහැ.
ඒ කියන්නේ මේක දිනපතාම වෙනවා.හැකර්ලා සල්ලි උස්සනවා.
ඊළඟට අර කන්ටේනර් 320 සිද්ධිය.ඉතින් ඒවා ගැන කතා කරන්න බැහැනේ.
අනිත් එක, මේ ආණ්ඩුවත් එක්ක වැඩිපුරම ඉන්නේ අර හිටපු 69 ලක්ෂයෙන් විශාල පිරිසක්.
ඉතින් ඒ මිනිස්සුත් දැන් ඇත්තටම තේරුම් අරගෙන තියෙනවා මේගොල්ලෝ කියන්නේ සම්පූර්ණ බොරු කියලා."