the-wrong-person-died-in-the-boralesgamuwa-underworld-shooting

බොරලැස්ගමුව, මාලිනී බුලත්සිංහල මාවතේ පිහිටි නිවසකට ඊයේ (04) රාත්‍රියේ කඩාවැදුණු නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩිතැබීමකින් 74 හැවිරිදි වියපත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනය වී ඇත්තේ අංශභාග රෝගී තත්ත්වයෙන් පෙළෙමින් සිටි සුනිල් ප්‍රනාන්දු නමැති අයෙකි.




සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 'දෙහිවල සැන්ඩෝ' නමැති පාතාල කල්ලි සාමාජිකයා විසින් 'කොස්මල්ලි' නමැත්තාගේ මුදල් අයකැමිවරයා ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවයි. කෙසේවෙතත් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වැරදී යාම හේතුවෙන් එම මුදල් අයකැමිවරයාගේ පියාට වෙඩි වැදී මෙම ඝාතනය සිදුව ඇත.

යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් දෙදෙනා පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩිතැබීම සිදුකර වහාම පළාගොස් තිබේ. අපරාධයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලීසිය විශේෂ මෙහෙයුම් සහ වැඩිදුර විමර්ශන පවත්වයි.

the-wrong-person-died-in-the-boralesgamuwa-underworld-shooting

the-wrong-person-died-in-the-boralesgamuwa-underworld-shooting