ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රකාශන ක්ෂේත්‍රය වෙනුවෙන් මෙරටදීම නිර්මාණය කළ TruePass ඩිජිටල් අනන්‍යතා සහ සත්‍යාපන (Digital Identity & Authentication) වේදිකාව, සැප්තැම්බර් 17 වැනිදා කොළඹදී නිල වශයෙන් එළිදක්වන ලදී. ඩිජිටල් ප්‍රකාශකයන්ට තම පාඨකයන් සමඟ වඩාත් සෘජු, විශ්වාසනීය සහ දිගුකාලීන සබඳතාවක් ගොඩනගා ගැනීමට අවශ්‍ය තාක්ෂණික පදනමක් සැපයීම TruePass හි මූලික අරමුණයි.
මෙම එළිදැක්වීමේ සුවිශේෂී අවස්ථාවක් වූයේ TruePass Media Alliance පිහිටුවීමයි. Wijaya News Publications, HiruNews, Newsfirst, Ada Derana සහ Liberty Media, Virakesari – Express News, ThePapare.com, Gossip Lanka සහ TodayNews ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඩිජිටල් මාධ්‍ය ආයතන රැසක් මෙම සන්ධානය සමඟ එක්විය.මෙවැනි ප්‍රමුඛ ප්‍රකාශකයන් එකම දැක්මක් වටා එක්වීම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රකාශන ක්ෂේත්‍රයේ මෙතෙක් පැවති වැදගත් තාක්ෂණික හිඩැසක් පිළිබඳ කර්මාන්තයේ අවධානය පෙන්නුම් කරයි. එනම්, හඳුනා නොගත් (anonymous) වෙබ් අඩවි ප්‍රේක්ෂකයන්ගෙන් ඔබ්බට ගොස්, තමන්ගේම First-Party Audience Relationships ගොඩනගා ගැනීමට ප්‍රකාශකයන්ට හැකිවන විශ්වාසනීය identity සහ authentication layer එකක අවශ්‍යතාවයයි. TruePass Media Alliance මඟින් ප්‍රකාශකයා සහ පාඨකයා අතර සෘජු සබඳතාව ශක්තිමත් කිරීම, තමන්ගේම first-party audience data පිළිබඳ වැඩි පාලනයක් ලබා ගැනීම සහ ඩිජිටල් මාධ්‍ය සඳහා තිරසාර ආදායම් ආකෘති ගොඩනැගීම සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමේ පොදු දැක්මක් ඉදිරිපත් කරයි.
ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ, ඩිජිටල් ප්‍රකාශනයේ අනාගතය සඳහා වූ තාක්ෂණයක් TruePass හරහා පාඨකයෙකුට mobile සහ email verification භාවිතයෙන් verified profile එකක් නිර්මාණය කර, TruePass සමඟ සම්බන්ධ වී ඇති විවිධ publisher platforms වෙත වඩාත් පහසුවෙන් sign-in විය හැකිය.
Authenticate once. Access everywhere.
කෙසේ වෙතත්, ප්‍රකාශකයන් සඳහා TruePass හි වැදගත්කම සරල login පහසුකමකට පමණක් සීමා නොවේ. TruePass සපයන identity layer එක මඟින් publishers හට තම anonymous website traffic ක්‍රමයෙන් authenticated audiences බවට පත්කර ගැනීමටත්, පාඨකයන් සමඟ තමන්ගේම සෘජු first-party සබඳතාවක් ගොඩනගා ගැනීමටත් අවස්ථාව සැලසේ. එම පදනම මත ඉදිරියේදී වඩාත් පුද්ගලිකකරණය කළ (personalised) අන්තර්ගත අත්දැකීම්, වැඩි පාඨක සම්බන්ධතාව, advertising, memberships, subscriptions, premium content සහ වෙනත් ඩිජිටල් ආදායම් අවස්ථා ගොඩනැගීමට ද හැකි වේ. මෙහි වැදගත් මූලධර්මයක් වන්නේ එක් එක් publisher තම පාඨකයා සමඟ ඇති සෘජු සබඳතාව සහ තමන්ගේ first-party audience relationship එක පවත්වාගෙන යාමයි. පාඨකයාගේ පැත්තෙන්, TruePass හි අරමුණ වන්නේ විවිධ publisher platforms වෙත ප්‍රවේශ වීම සරල කිරීමත්, තම දත්ත භාවිතය පිළිබඳ වඩාත් පැහැදිලි සහ consent-led digital relationship එකක් ගොඩනැගීමත්ය.
සමස්ත කර්මාන්තයම එක් කළ සංවාදයක්
TruePass එළිදැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ පුළුල් නියෝජනයක් එක්ව සිටීම ද විශේෂත්වයක් විය. ජනමාධ්‍ය අමාත්‍යාංශය, GovTech, Data Protection Authority, ICTA සහ FITIS නියෝජිතයන් සමඟ telecom partners, ප්‍රමුඛ මාධ්‍යවේදීන්, advertising agencies, advertisers සහ විශාල publisher ප්‍රජාවක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම පුළුල් සහභාගීත්වය පෙන්නුම් කළේ digital identity, privacy, first-party data සහ trusted audience relationships යන කරුණු තාක්ෂණික මාතෘකා පමණක් නොව, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගත තිරසාරභාවය තීරණය කරන වැදගත් සාධක බවට පත්වෙමින් ඇති බවයි.
“TruePass කියන්නේ තවත් login එකක් පමණක් නොවේ”
TruePass හි දැක්ම ඉදිරිපත් කරමින් TruePass සහ AdStudio.cloud ප්‍රධාන විධායක නිලධාරී Jayomi Lokuliyana සඳහන් කළේ, publishers, technology platforms සහ audiences අතර පවතින සබඳතාව වේගයෙන් වෙනස් වෙමින් පවතින බවත්, ශ්‍රී ලංකාවේ publishers හට තම ඩිජිටල් අනාගතය පිළිබඳ වැඩි හිමිකාරීත්වයක් ලබා ගැනීමට දැන් අවස්ථාවක් උදා වී ඇති බවත්ය. “TruePass කියන්නේ තවත් login එකක් නිර්මාණය කිරීමකට වඩා බොහෝ දුර යන අදහසක්. Publishers හට තමන් සේවය කරන audiences සමඟ සෘජු සහ විශ්වාසනීය සබඳතාවක් ගොඩනගා ගැනීමට අවශ්‍ය infrastructure එක ලබාදීමයි අපගේ අරමුණ.” “වසර ගණනාවක් තිස්සේ publishers තම audiences ආකර්ෂණය කරන වටිනා content නිර්මාණය කළත්, එම audiences වටා ඇති digital identity සහ commercial value එකේ විශාල කොටසක් ගොඩනැගී තිබුණේ වෙනත් platforms තුළයි. Digital publishing හි මීළඟ පරිච්ඡේදය විය යුත්තේ publishers තම audiences හඳුනාගෙන, තමන්ගේම first-party relationships ගොඩනගා, එම සබඳතා තුළින් නව වටිනාකමක් නිර්මාණය කිරීමයි.” “ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ publishers රැසක් මේ දැක්ම වටා එකට එක්වීම මෙම launch එකේ වඩාත්ම වැදගත් ප්‍රතිඵලයක් ලෙස මම දකිනවා. Technology එකකට තනිවම industry එකක් වෙනස් කරන්න බැහැ — ඒ සඳහා ecosystem එකක් අවශ්‍යයි. අපි ඊයේ එළිදැක්වූයේ එහි foundation එකයි. TruePass හෙට දවසේ කුමක් බවට පත්වෙයිද යන්න තීරණය වන්නේ අප සමඟ එය ගොඩනගන publishers, readers සහ partners විසිනුයි.”
TruePass පිටුපස ඇති ශ්‍රී ලාංකික තාක්ෂණය
TruePass හි තාක්ෂණික සැලසුම සහ architecture එක පිළිබඳව AdStudio අධ්‍යක්ෂ සහ තාක්ෂණික ව්‍යවසායක Subodha Perera විසින් එළිදැක්වීමේදී පැහැදිලි කරන ලදී. TruePass හි identity සහ authentication architecture එක publisher ecosystem එකක් තුළ ක්‍රියාත්මක වන ආකාරය සහ අනාගතයේදී ඒ මත වඩාත් පුළුල් authenticated digital experiences ගොඩනැගිය හැකි ආකාරය ඔහු විසින් පැහැදිලි කළේය. TruePass දැනට mobile සහ email verification මත පදනම් වන අතර, publishers හට ඉදිරියේදී වඩාත් දියුණු authenticated digital services ගොඩනැගීමට අවශ්‍ය මූලික තාක්ෂණික පදනම සපයයි.
ගෝලීය platforms මත රඳා පවතින ලෝකයක Publisher Sovereignty
මෙම අවස්ථාවේ ජාත්‍යන්තර කර්මාන්තමය දැක්ම ඉදිරිපත් කළේ මාධ්‍ය සහ ඩිජිටල් ක්ෂේත්‍රයේ වසර 35කට වැඩි පළපුරුද්දක් ඇති Daniel Hess විසිනි. Switzerland, Germany, UK, US, Singapore සහ Sri Lanka ඇතුළු වෙළෙඳපොළ රැසක ඔහු සතු අත්දැකීම් මත පදනම්ව, publishers තම users සමඟ සෘජු සබඳතා ගොඩනගා ගැනීම සහ ඔවුන්ගේ කැමැත්ත මත consented first-party data ගොඩනැගීමේ වැදගත්කම Hess සිය keynote දේශනයේදී අවධාරණය කළේය. ඔහු පෙන්වා දුන්නේ publishers විසින් journalism සහ content නිර්මාණය කර audiences ආකර්ෂණය කළද, එම audiences සමඟ ඇති digital relationship සහ ඒ වටා නිර්මාණය වන commercial value හි සැලකිය යුතු කොටසක් global technology platforms වෙත ගලා යා හැකි බවයි. එබැවින් publishers තම audience relationships, first-party data සහ තම content වටා නිර්මාණය වන වාණිජ වටිනාකම පිළිබඳ වැඩි පාලනයක් ලබා ගැනීම — එනම් publisher digital sovereignty ශක්තිමත් කිරීම — අනාගත ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයට අතිශයින් වැදගත් බව ඔහු අවධාරණය කළේය.
Authentication එකෙන් ඔබ්බට — ඩිජිටල් ප්‍රකාශනය සඳහා නව පදනමක්
TruePass හි දිගුකාලීන දැක්ම authentication එකකට පමණක් සීමා නොවේ. Authenticated first-party audience එකක් මත publishers හට වඩාත් ගැඹුරු reader engagement, personalised experiences, advertising, memberships, subscriptions, paywalls සහ වෙනත් අනාගත ඩිජිටල් ආදායම් ආකෘති ගොඩනැගිය හැකිය. Advertisers සහ agencies සඳහාද, authenticated සහ consented audiences මඟින් ශ්‍රී ලංකාවේ premium media environments තුළ වඩාත් අදාළ සහ වටිනා audience engagement opportunities නිර්මාණය විය හැකිය. ඒ අනුව සැප්තැම්බර් 17 වැනිදා සිදු වූ TruePass එළිදැක්වීම නව technology product එකක් හඳුන්වා දීමකට පමණක් සීමා වූ අවස්ථාවක් නොවීය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඩිජිටල් publishers රැසක් TruePass Media Alliance වටා එක්වීමත් සමඟ, එය ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රකාශන ක්ෂේත්‍රයේ මීළඟ අදියර සඳහා අවශ්‍ය identity සහ first-party data පදනම industry එක එක්ව ගොඩනැගීමේ ආරම්භයක් සනිටුහන් කළේය.
TruePass යනු ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ, AdStudio.cloud විසින් ඩිජිටල් ප්‍රකාශන ක්ෂේත්‍රය සඳහා සංවර්ධනය කරන ලද digital identity සහ authentication platform එකකි. පාඨකයන්ට participating publishers වෙත වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමට common authentication layer එකක් සැපයීමත්, publishers හට තමන්ගේම direct, authenticated සහ consent-led first-party audience relationships ගොඩනගා ගැනීමට අවශ්‍ය පදනම සපයීමත් එහි අරමුණයි.
(මාධ්‍ය විමසීම් TruePass / AdStudio.cloud Email: info@truepass.cloud Jayomi Lokuliyana CEO – TruePass / AdStudio.cloud )
