minor-flood-risk-around-mahaweli-river

මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු සැලකිය යුතු අධික වර්ෂාපතනය හේතුවෙන් ඒ ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් හටගැනීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.




විශේෂයෙන්ම පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහවැලි ගඟ ආසන්න පහත්බිම් ප්‍රදේශවලට මෙමගින් සුළු ගංවතුර බලපෑම් එල්ල විය හැකි බවට අදාළ බලධාරීන් විසින් අනතුරු අඟවා තිබේ.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා දිවෙන මාර්ග භාවිත කරන රියදුරන් ද පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුව ඇත.




ගංගාවේ ජල මට්ටම ඉහළ යාමේ ප්‍රවණතාව පිළිබඳව විශේෂයෙන් මහවැලි ගඟ ආසන්නයේ පදිංචිකරුවන් නිරන්තර විමසිල්ලෙන් පසුවිය යුතු අතර, සිදුවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.